මාර්ග සංඥා


'' මාර්ග සංඥා ''



නොදන්න දෙයක් නෙමෙයි නේද?  පාරෙ යන හැම වෙලාවෙම වංගුවෙන් වංගුවට ඉන්දලා තියෙන කහ ,නිල් , හත‍රැස් , රවුම් බෝඩ් කෑලි තමයි ඔය.

ඇත්තටම අපි ගණන් නොගත්තට මේ බෝඩ් කෑලි වලින් මාර්ග ආරක්ෂාව වෙනුවෙන් ඉ‍ටුවෙන මෙහෙය අනන්තයි, අප්‍රමාණයි.

පොඩ්ඩක් හිතන්න , ඔබ කවදාවත්ම නොගිය නොදන්නා මාර්ගයක මහා රාත්‍රියේ තනිවම  වාහනය පදවනවා කියලා. කෑලි කපන්න බැරි ඝන අඳුරේ මාර්ගයේ ඊළඟට තියෙන්නේ වමට වංගුවක්ද, දකුණට වංගුවක්ද , නැත්නම් පල්ළමක්ද කන්දක්ද කියන එක අපිට කිසිම අමතර වියදමක් නැතුව බොහොම පැහැදිලිව පෙන්වලා දෙන්නේ මේ අහිංසක බෝඩ් කෑලි නේද?
එහෙව් ඒවා තමයි අපේ සමහරු මරණ දැන්වීම් , ඡන්ද  දැන්වීම් අලවලා විනාශ කරළා දාන්නේ.


වැඩි කතා ඕන නෑ, දැන් මාතෘකාවට බහිමු.

මාර්ගයේදී අපට හමුවෙන සළකුණු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් සමන්විතයි.

01)පුවරු සංඥා.
02) මාර්ග සළකුණු.

පුවරු සංඥා
ප්‍රදාන වශයෙන් කොටස් කිහිපයකට බෙදා දැක්විය හැකියි.
(i) අනතුරු ඇඟවීමේ සංඥා 
     --කහ පැහැති චතුරස්‍රාකාර පසුබිමක කලු පැහැයෙන් දක්වන සංඥාව.

(ii) පාලන සංඥා 
      --රතු පැහැ පිට රේඛාව සහිත රවුම් පුවරුව.
      පාලන සංඥා නැවත කොටස් තුනකට බෙදා දැක්විය හැක.
           a| තහනම් සංඥා
           b| සීමාකාරී සංඥා
           c| විධාන සංඥා

(iii) ප්‍රමුඛතා සංඥා

(iv) වෙනත් සංඥා

(v) තොරතුරු සංඥා


මාර්ගය මත පිහි‍ටුවන සළකුණු
--පාරේ ඉරි කෑලි , කහ සුදු පාටින් ඇඳලා තියෙන්නේ ...   අන්න ඒවා                   තමයි මේ.


මේ එක් එක් සංඥා පුවරුව, මාර්ග සළකුණ  වෙන වෙනම විස්තර ඇතිව විමසලා බලමු.


1 comment:

  1. බරවාහන (කන්ටේනර්) මාර්ගයේ ගමන් කළහැකි වේලාවන් පිළිබඳව තොරතුරු සපයන්න. ඊට අදාළ නීති මොනවාද. එම නීති රීති දැනගන්නේ කෙසේ ද?

    ReplyDelete