Thursday, May 9, 2013

ශ්‍රී ලාංකේය මෝටර් රථ ඉතිහාසය



ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය විසින් යටත් විජිතයක් ලෙස පාලනය කරනු ලැබූ 
අවධියේ වතු පාලකයින් හා බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ මෙරට සේවය කළ 
ඉහල නිලධාරීන් විසින් මෝටර් වාහන ප්‍රථම වරට මෙරටට ගෙන එන 
ලදී. ඒවා ධාවනය කිරීම සඳහා වතු අධිකාරී වරුන් හා වෙනත් ඉහල 
නිලධාරීන් විසින් හැකියාවන් පරීක්‍ෂා කර බලා රියදුරන් යොදවා 
ඇත.
ප්‍රථම වරට ශ්‍රී ලාංකිකයකු විසින්  මෝටර් රථයක් මෙරටට 
ආනනය කරන ලද්දේ 1902 වර්ෂයේදීය. ඊ.එල්.එෆ්. ද සොයිසා විසි
න් ඕල්ඩ්ස්මොබයිල් (OLDSMOBILE) වර්ගයේ එම මෝටර් රථය 
ගෙන්වන ලදී. 


මෙසේ ක්‍රමයෙන් ලංකාවේ මෝටර් රථ ප්‍රමාණය ඉහලයත්ම ඒවා 
ලියාපදිංචි කිරීමේත්, රියදුරු බලපත් නිකුත් කිරීමේත් අවශ්‍යතාවය 
ඇතිවිය. මේ අනුව බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් 1916 අංක 14 දරන පනත 
මඟින් පොලිස්පති යටතේ වාහන ලියාපදිංචි කිරීම හා රියදුරු බලපත් 
නිකුත් කිරීම ආරම්භ කරන ලදී.
අනුක්‍රමයෙන් ඉහල ගිය මෝටර් රථ 
ගමනාගමනය පිළිබඳව සොයා බැලීමට වර්ෂ 1925 දී රජය විසින් 
කමිටුවක් පත් කළ අතර මෙම කමිටුවේ නිර්දේශ අනුව 1927 අංක 20 
දරණ මෝටර් කාර් ආඥා පනත නීතිගත කරන ලදී. 
මෙම පනත යටතේ, 
1928 ජනවාරි 01 දින මෝටර් රථ රෙජිස්ට්‍රාර් වරයකු යටතේ මෝටර් 
රථ රෙජිස්ට්‍රාර් කාර්යාලය ආරම්භ විය. මෙම කාර්යාලයේ කටයුතු 
වූයේ; මෝටර් රථ හා රියදුරන් ලියාපදිංචි කිරීම හා වාර්ෂික ආදායම් 
බලපත්‍රය නිකුත් කිරීමට පෙර කුලී කාර් සහ ලොරි පරීක්‍ෂා කිරීමයි. 




1948 වසරේ බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස් වීමෙන් පසු, 1951 අංක 14 
දරණ වර්තමානයේ දී ද බලපැවැත්වෙන මෝටර් රථ වාහන පනත 
සම්මත කරන ලදී. මෙම පනතට මේ දක්වා වාර ගණනාවකදී යම් යම් 
සංශෝධන ඇතුලත් කර ඇත.1963 වර්ෂයේ දී මෝටර් රථ රෙජිස්ට්‍රාර් 
ධූරය, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ලෙස වෙනස් කිරීමත් සමඟම 
මෝටර් රථ රෙජිස්ට්‍රාර් කාර්යාලය මෝටර් රථ ප්‍රවාහන 
දෙපාර්තමේන්තුව ලෙස වෙනස් කරන ලදී.
 2009 වර්ෂයේදී ආයතන 
ප්‍රධානියා ගේ තනතුර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ලෙස 
වෙනස් කරන ලදී. 


මුල් කාලයේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම, මාර්ග බලපත් 
නිකුත් කිරීම, කොන්දොස්තර බලපත් නිකුත් කිරීම ආදී මෝටර් වාහන 
සම්බන්ධ සියළු කර්තව්‍යන් දෙපාර්තමේන්තුව වෙත පවරා තිබුන ද 
විවිධ පනත් සංශෝධන හා ව්‍යවස්ථා සංශෝධන මඟින් එම කාර්යයන් 
අද වන විටි බලාධිකාර වෙත විමධ්‍යගත කර තිබේ. 1991. 01. 01 දින 
සිට මෝටර් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම පළාත් සභා වලට 
පවරා ඇත.



මෝටර් වාහන හා රියදුරු බලපත් පිළිබඳ වැදගත් සිදුවීම්
මුල් කාලයේදි ඒ ඒ දිස්ත්‍රික්කය හෝ ප්‍රදේශය හදුනා ගැනීමට පහත 
පරිදි වාහන අංකයට පෙර ඉංග්‍රිසි අක්ෂරයක් යොදන ලදී.
A.කොළඹ දිස්ත්‍රික්කයL.මාතර
B.කළුතර දිස්ත්‍රික්කයMහම්බන්තොට
C.කොළඹ නගර සභාවN.ගාලු නගර සභාව
D.මහනුවරO.මඩකලපුව
E.මාතලේP.ත්‍රිකුණාමලය
F.නුවරඑළියQ.කුරුණෑගල
G.මහනුවර මහ නගර සභාවR.පුත්තලම
H.යාපනයS.හලාවත
Iමුලතිව්T.අනුරාධපුරය
J.මන්නාරමU.බදුල්ල
K.ගාල්ලV.රත්නපුර
W.කෑගල්ල

  • 1928 වර්ෂය අවසන් වන විට ලියාපදිංචි කර තිබු මුළු මෝටර් රථ සංඛ්‍යාව  20623 විය.

  • එම වාහන අතුරින් වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කර තිබුනේ ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය හා ප්‍රංශය විසිනි.

  • 1927 අංක 20 දරණ මෝටර් රථ අඥා පනතින් මුළු ජීවිත කාලය 
  • සධහාම රියදුරු පුවීනතා සහතිකයක් නිකුත් කල හැකිවිය.

  • ප්‍රථම වරට මොටර් වාහන පරීක්ෂක වරුන් බඳවාගත්තේ 1928 
  • වර්ෂයේදී ය.

  • කොන්දොස්තර වරුන්ට බලපත්‍ර දීමේ කාර්යය 1936.04.01 දින 
  • මෝටර් වාහන දෙපාර්තමේන්තුව වෙත පැවරින.

  • 1938 අංක 45 දරණ මෝටර් වාහන අඥා පනතින් 1939 ජූලි 01 දින 
  • සිට ලොරි සහ බස් රථ සඳහා අයදුම් පත් පිළිබඳ කටයුතු කිරීම 
  • මෝටර් වාහන රෙජිස්ට්‍රාර් වෙත පැවරින.
  • X හාY අක්ෂර අවසන් වු පසු CE හැදින්වීමේ අක්ෂර සහිතව වාහන 
  • ලියාපදිංචි කරන ලදි.
  • ඉන් අනතුරුව කාර් සහ මෝටර් සයිකල් සඳහා EY අක්ෂරය යොදන ලදි.
  • ඩීසල් ඉන්දන වාහන සඳහා IC අක්ෂරය යටතේ ලියාපදිංචි කරන ලදි.

  • මෝටර් වාහන සඳහා MW අක්ෂරය යොදන ලදී.

  • 1956.12.12 දින සිට අංක අතරට  “ශ්‍රී” අක්ෂරය යොදන ලදී.

  • 1979 වසරේ ප්‍රථම වරට මෝටර් වාහන ලියාපදිංචි කිරීමේ කච්චේරි 
  • කිහිපයක් වෙත විමධ්‍යගත කලද එය අවුල් සහගත වූ නිසා නැවත 
  • මධ්‍යගත කරන ලදී

  • එක් එක් වාහන සඳහා හැදින්වීමේ අක්ෂර යොදා ගනිමින් ලියාපදිංචි 
  • වු දිනයන් ඇතුලත් සටහනක් පහත දැක්වේ
අක්ෂරයවාහන පන්තියනිකුත්කල දිනය
Xබස්, ලොරි,කාර් , යතුරු පැදි1928.10.05
Zකාර්1936.02.19
CEකාර්1940.03. 06
EYකාර් මෝටර් සයිකල්1951.10.02
LVඉඩම් වාහන1951.09.26
ICබස් ලොරි (ඩීසල්)1929.1018
1ශ්‍රිකාර්,මෝටර් සයිකල්1956.12.01
11 ශ්‍රිකාර් (පෙට්‍රල්)1979.12.26
80 ශ්‍රිමෝටර් සයිකල්1979.12.26
31 ශ්‍රිකාර් (ඩීසල්)1970.12.18
23 ශ්‍රිබස් (ඩීසල්)1961.12.11
24 ශ්‍රිලොරි (ඩීසල්)1961.12.11
34 ශ්‍රිලොරි (පෙට්‍රල්)1978.05.04
35 ශ්‍රිබස් (පෙට්‍රල්)1978.04.11
36 ශ්‍රිඉඩම් වාහන ට්‍රැක්ටර්(රෝද 2)1970.12.03
44 ශ්‍රිට්‍රෙලර්1956.12.05
70 ශ්‍රිඉඩම් වාහන ට්‍රැක්ටර්(රෝද 2)1972.08.01
76 ශ්‍රිඅත් ට්‍රැක්ටර් (භුමිතෙල්)1972.03.17
98 ශ්‍රිතානාපති කාර්යාලය සඳහා1985
50 ශ්‍රිද්විත්ව කාර්යය වාහන(ඩීසල්)1985.09.24
20 ශ්‍රිද්විත්ව කාර්යය වාහන(පෙට්‍රල්)1985.09.24
21 ශ්‍රිත්‍රීරෝද රථ1985.09.24
69 ශ්‍රිසැකකටයුතු වාහන


  • 1990.01.01 දින සිට හැදින්වීමේ අක්ෂර හා වාහන අංක අතරට කෙටි ඉරක් යෙදීම ආරම්භ විය.

  • 1950.10.01 දින දක්වා රියදුරු බලපත්‍රයේ අනුක්‍රමික අංකයට මුලින් 
  • CC යන අක්ෂරය යොදන ලදී (Certificate of  competence) ඒ 
  • සමඟ අංක 6 යුතු අනුක්‍රමික අංකයක් යොදන ලදී

  • 1980.10.27 දින සිට රියදුරු බලපත්‍ර නිකුත්කල දිස්ත්‍රික්කය 
  • හැදින්වීමට දිස්ත්‍රික්කයෙහි මුල් අකුර අනුක්‍රමික අංකයට මුලින්  
  • යොදන ලදී.

  • 1989.10.27 සැප්තැම්බර් සිට එතෙක් භාවිතා කළ රියදුරු බලපත් 
  • පොත වෙනුවට කාඩ් පතක් නිකුත් කිරීම.

  • මෝටර් රථ දෙපාර්ථමේන්තුවේ කටයුතු පරිඝණක ගත කිරීම 1985 
  • වර්ෂයේ සිට ආරම්භ විය

  • රියදුරු බලපත්‍ර සඳහා පරිඝණක කාඩ්පත් නිකුත් කිරීම 1989.08.09 
  • දින සිට ආරම්භ විය

  • 1973 අංක  47 දරණ මුදල් පනතින් මෝටර් වාහනයක මෙරට 
  • ගෙන්වා වසර 07 ක් ගත වීමට පෙර වෙනත් අයෙකුට විකුණන්නේ 
  • නම් ඒ සඳහා බද්දක් අයකිරීම ආරම්භ විය

  • 1977 වර්ෂයේදී ආර්ථික ප්‍රතිපත්තිය වෙනසකට භාජනය වූ අතර 
  • වාහන සම්බන්ධ ආනයන නීති සංශෝධනය විය. ඒ අනුව අනුයාත
  •  වර්ෂවල සිදුවූ වාහන ආනනය මෙහි දක්වා ඇත.

වර්ෂයආනයනය කරන ලද මෝටර් වාහන සංඛ්‍යාව
19753985
19765362
19778826
197824124
197942349



  • ඉහත අයුරින් වාහන සංඛ්‍යාව ඉහල යද්දී ඊට සමානුපාතව ලබාගත් 
  • රියදුරු බලපත්‍ර සංඛ්‍යාවද ඉහල යන ලදී.

වර්ෂයවසර තුල ලබාගත් රියදුරු බලපත් සංඛ්‍යාව
197726319
197841536
197953025


  • වාහන ලියාපදිංචි කිරීමේ සංඛ්‍යාවේ වර්ධනය
වාහන පන්තියවාහන සංඛාව
1950 - 19561975 - 19761977
- 1990

මෝටර් කාර්2492724630113962
මෝටර් බයිසිකල්406811854345810
බස්රථ1816818129815
නියමිත ලොරි62751725497493
ලොරි ට්‍රැක්ටර්663329279
කාර් සහක ලොරි ට්‍රේලර්70216601304
ගිලන් රථ-360358
අවමංගල්‍ය රථ-7463
ඉඩම් වාහන ට්‍රැක්ටර්6222016245623
ඉඩම් වාහන ට්‍රේලර්278898813393
එකතුව :39351103492677100
වසරකට සාමාන්‍ය ලියාපදිංචි5651517448364






  • 1920 දශකයේ ලංකාවට ආනයනය කල වාහන අතුරින් පළමු
  •  ස්ථානය ලැබුවේ ඇමරිකාවේ නිෂ්පාදිත වාහන වේ. 1970 දශකයේ 
  • අගභාගය වන විට එය ජපානය විසින් හිමි කර ගන්නා ලදී.

No comments:

Post a Comment