Friday, May 3, 2013

කාර්මික දැනුම ප්‍රශ්න - 01



මේ.,රියදුරු බලපත්‍ර ලිඛිත පරීක්ෂණය සඳහා අනුමාන කෙරෙන කාර්මික දැනුම ප්‍රශ්න මාලාවකි.

එන්ජිම
Q.එන්ජිමට තෙල් (එන්ජින් ඔයිල්) යෙදීමට හේතුව :- 
එන්ජිමේ කොටස් අතර ඝර්ෂනය  අඩුකර කොටස් ගෙවීයාම,         රත්වීම අවම කිරීමට.

Q.එන්ජිමේ තෙල් මට්ටම පරීක්ෂා කරන්නේ කුමක් මගින්ද?
ඩීප් ස්ටික් මගිනි.

Q.එන්ජිමේ තෙල් මට්ටම අඩුවීමට හේතුව :-
තෙල් කාන්දුවක් පැවතීම හෝ අනවශ්‍ය පරිදි තෙල් පිච්චීම

Q.වාහනයට ඉන්ධන පිරවීමේදී :- ඉන්ජිම නවතා තැබිය යුතුය.

Q.ඉන්ජිම අනවශ්‍ය පරිදි රත්වන්නේ :- ෆෑන් බෙල්ට් එක බුරුල් වීමෙන්, රේඩියේටරයේ වතුර නොමැති වීමෙන් හෝ වතුර කාන්දුවක් පැවතීමෙන් 

Q.එන්ජිම රත්වී ඇති බව දැනගන්නේ :- ඉන්ඩිකේටර් බල්බය මගින්./ රේඩියේටරේ වතුර උණු වීමෙන්

Q.රේඩියේටරය බොයිල් කරන විට:- වාහනය නතරකර (ඉන්ජිම නවතා) රේඩියේටරයේ වතුර සිසිල් වීමට ඉඩ හරින්න. ඉන්පසු වතුර පුරවන්න.


Q.එන්ජිම පණගැන්වීමට නොහැකි වන්නේ :- බැටරිය දුර්වල වීම, ස්ටාටර් මෝටරය ක්‍රියාත්මක නොවීම , එන්ජිම හිරවීම

Q.ඉන්ජිම පණගන්වනවිට ඇද ඇද ක්‍රියාකරන්නේ :- බැටරිය දුර්වල වීම, ස්ටාටර් මෝටරය දුර්වල වීම

Q.ෆෑන් බෙල්ට් එක බුරුල්වූ විට :- ඉන්ජිම අධිකව රත්වේ. බැටරිය අරෝපණය නොවේ.



ගියර්
Q.ගියර් පෙට්ටියක් පැවතීමේ අවශ්‍යතාව :- වාහනයේ වේග මාරු කිරීමට.

Q.ගියර් දැමීමට අපහසු වන්නේ :- ක්ලචය නිසි පරිදි ක්‍රියා නොකිරීම හෝ ගියර පෙට්ටියේ දෝෂයක් නිසා.



ක්ලචය
Q.ප්‍රයෝජනය:- ගියර් පෙට්ටිය හා ඉන්ජිම සුමටව එකතු කිරීම හා වෙන් කිරීම

Q.ක්ලචය ලිස්සන බව හඳුනාගන්නේ :- වේගය වැඩි කරන විට  අධික ශබ්ධය සමඟ ක්ලච් ප්ලේට් ලිස්සා යාම. ඉන්ජිම රේස් වන තරමට වාහනය වේගවත් නොවීම.

Q.ක්ලචය ලිස්සීමට හේතු:- ක්ලච් ප්ලේට් ගෙවීම, ක්ලචයට තෙල් ගැසීම, පෙෂර් ප්ලේට් එකේ පීඩනය අඩු වීම.

Q.ක්ලචය ලිස්සන බව පරීක්ෂා කරන්නේ කෙසේද? 
හෑන්ඩ් බ්‍රේක් ඇද වාහනය පණගන්වා බර ගියරයකට දමන්න. ඉන්පසු සෙමින් ක්ලචය නිදහස් කරන්න. ක්ලචයේ වරදක් නැතිනම් මෙවිට ඉන්ජිම නතර විය යුතුය.
( 'බර ගියර' යනු 1/ෆස්ට්, 2/සෙකන්ඩ් යන ගියරයන් ය.)



තිරිංග
Q.හදිසියේම තිරිංග නොමැතිවී ගියවිට  :-  කිහිප වරක් තිරිංග පැඩලය පාගමින් අත හැරීම, හෑන්ඩ් බ්‍රේක් ඇදීම , ක්ලචය නොපාගා එකවරම බර ගියරයකට දැමීම.

Q.තිරිංග නොමැතිවීමට හේතුව :- බ්‍රේක් ඔයිල් නොමැති වීම. 

Q.බ්‍රේක් ඔයිල් අඩු වීමට හේතුව :- බ්‍රේක් වොෂර් ගෙවීම 

Q.තිරිංග යෙදූවිට පැත්තකට ඇදෙයි නම් :- ඇදීයන පැත්තට විරුද්ධ පැත්තේ රෝදයක බ්‍රේක් ඔයිල් කාන්දු වෙනු ඇත.

Q.වාහනය නතර කිරීමේදී ;-  තිරිංග පැඩලය පාගා, ඉන්ජිම නතරවීමට ආසන්න වන විට  ක්ලච්ය පාගන්න.ඉන් පසුව ගියරය  නිවුට්‍රල් කරන්න.


3 comments: