Sunday, May 12, 2013

රියදුරු බලපත් ප්‍රායෝගික පරීක්ශණයේදී වැදගත් කරුණු.



පිරිසිදු ඇඳුමක් ඇඳ පිළිවෙලකට යන්න. මෙහිදී පිරිමි පාර්ශවය උඩුකයට සුදු ඇඳුමක් ඇඳීම අනිවාර්යය වනු ඇත.

අනවශ්‍ය ලෙස බය වෙන්න වත් කලබලවෙන්න වත් එපා. එයින් රථය හැසිරවීමට ඇති ඔබේ හැකියාව නිසැකවම යටපත් වනු ඇති. තමන් පිළිබඳ විශ්වාසයක් තබාගන්න.

මෝටර් රථ පරීක්ෂකවරයා සමග වාහනයට නැගුනු පසුව, ඉතාම හොඳින් සිහි නුවනින් හැසිරෙන්න.

ගමන ඇරඹීමේදී පළමුව රියදුරු අසුන ඔබට සරිලන පරිදි සකසා ගන්න. ආසන පටි, සිග්නල්, හෑන්ඩ් බ්‍රේක් ආදිය ගැන සැලකිලිමත් වෙන්න.  


මාර්ග ධාවනයේදී සෑම විටම පසුකර යන මාර්ග සංඥා පිළිබඳව  හොඳින් මතක තබාගන්න. ඇතැම් විටක  පරීකෂකවරයා පසුවුණු මාර්ග සංඥා පිළිබඳව විමසීමට ඉඩ ඇත.

එමෙන්ම , වාහන සඳහා අදාල වේග සීමා පිලිබඳව ඉතා හොඳ මතකයක් තබාගන්න. තමන් පදවන වාහනය එයට අදාල වේග සීමාවේ තබා ගැනීමට  කටයුතු කරන්න.
මාර්ග ධාවනයේදී ක්ලච්,ගෑස් පැඩල මත පය තබාගතයුතු නියම ක්‍රමය අනුගමනය කරන්න.මෙය ඉතා වැදගත්ය.

පරීක්ෂක වරයා යම් ස්ථානයකදී ඔබට වාහනය නතර කිරීමට පවසනු ඇත. මෙහිදී ඉතා හොඳින් සැලකිලිමත් විය යුතුයි. 
අතුරු මාර්ග, ගේට්‍ටු අවහිර නොවන පරිදිත්, ද්විත්ව රේඛා,තනි රේඛා, කහ ඉරි, පාලම් ,මංසන්දි වැනි වාහන නැවැත්වීම සීමාකර ඇති ස්ථාන පිළිබඳව  හොඳින් සැලකිලිමත් වන්න. 
මෙහිදී ඔබ අතින් සිදුවන වරදකින් ඔබට රිය බලපත්‍රය නොලැබීමට ඇති ඉඩකඩ ඉහලයි.

වාහනය නැවැත්වීමේදී තිරිංග පාගා එන්ජිම නතරවීමට ආසන්නවිට ක්ලච් පැඩලය පාගන්න.දැන් ගියරය නිවුට්‍රල් කරන්න.
ඉන්පසු හෑන්ඩ්බ්‍රේක් ඇද එන්ජිම නතර කරන්න.


සෑම විටම වාහනය නවත්වා ඉන් ඉවත් වීමේදී ගියරය නිව්ට්‍රල් කර ඉවත් වන්න.නැතිනම්  වාහනය ගැස්සී නතරවනු ඇති.එය ඔබගේ ලකුණු කැපීයාමට හේතුවකි.  ගියරය නිව්ට්‍රල් දැයි  සැක සහිතනම්  ක්ලචය පාගාගෙන සිටියදීම හෑන්ඩ්බ්‍රේක් ඇද ඉන්පසු යතුර කරකවා එන්ජිම නවත්වන්න.
නමුත් මෙසේ වාහනය නැවැත්වූවිට ඊළඟට පැමිණෙන්නාට 'වාහනය නවත්වා ඇත්තේ ගියරයේම' බව පැවසීම ඔබේ වගකීමකි.නැතිනම් ඔබ නිසා ඔහු අපහසුතාවට පත්වනු ඇත.


ඔබ පදවන්නේ ත්‍රීරෝද රථයක් නම් වාහනය නැවැත්වීමේදීත් ඊට ඇතුළු වීමේදීත් සෑම විටම වම් පැත්තෙන් එය සිදුකරන්න.

වර්ථමානයේ භාවිතයේ නැතත් ඇතැම් පරීක්ෂකවරුන් විසින් විමසන නිසා, හස්ත සංඥා පිළිබඳවද යම්තාක් දුරකට අවබෝධයක් තබාගන්න.
(මේ පිළිබඳව ඉදිරියේදී ලිපියක් පළකෙරෙනු ඇත.)

අවසාන වශයෙන් පරීක්ෂකවරයා ඔබට දෙන්නේ කුමන ප්‍රතිඵලයක් වුවත් ඔහු සමග වාද විවාද නොකොට එය බාර ගන්න. අවශ්‍යම නම් ඔබට පසුව අභියාචනයක් ඉදිරිපත් කළහැක.නමුත් මේ ඊට අවස්ථාව නොවේ.

1 comment:

  1. මේ මගේ හොඳ ම යාළුවෙකුට මේ මෝටර් රථ දෙපාර්තමේන්තුව ගැන දොසක් කියන්න තියෙනවැයි කියලා ගිහින් ඇනෝනිමස් කොමෙන්ට් එකක් දාන්න ගියහම ඇනෝ වහලා කියලා දැකලා, මං කිව්වා වෙන්න බැහැ මේ ලිංක් එක දුන්නු කෙනෙත් ඇනෝ කොමෙන්ට් එකක් තමයි දාලා තිබුනේ කියලා, ඉතිං මාත් ගිහින් බැලුවා, ඇත්ත තමයිනේ කාරණේ. ඇයි වදේ ඔයා ඇනෝ කොමෙන්ට් දදා ඒකේ ඇනෝ වහලා තියෙන්නේ :D

    Pls remove the word verifications... grrrrrrr

    ReplyDelete