Sunday, May 12, 2013

රියදුරු බලපත් ප්‍රායෝගික පරීක්ශණයේදී වැදගත් කරුණු.



පිරිසිදු ඇඳුමක් ඇඳ පිළිවෙලකට යන්න. මෙහිදී පිරිමි පාර්ශවය උඩුකයට සුදු ඇඳුමක් ඇඳීම අනිවාර්යය වනු ඇත.

අනවශ්‍ය ලෙස බය වෙන්න වත් කලබලවෙන්න වත් එපා. එයින් රථය හැසිරවීමට ඇති ඔබේ හැකියාව නිසැකවම යටපත් වනු ඇති. තමන් පිළිබඳ විශ්වාසයක් තබාගන්න.

මෝටර් රථ පරීක්ෂකවරයා සමග වාහනයට නැගුනු පසුව, ඉතාම හොඳින් සිහි නුවනින් හැසිරෙන්න.

ගමන ඇරඹීමේදී පළමුව රියදුරු අසුන ඔබට සරිලන පරිදි සකසා ගන්න. ආසන පටි, සිග්නල්, හෑන්ඩ් බ්‍රේක් ආදිය ගැන සැලකිලිමත් වෙන්න.  

Thursday, May 9, 2013

ශ්‍රී ලාංකේය මෝටර් රථ ඉතිහාසය



ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය විසින් යටත් විජිතයක් ලෙස පාලනය කරනු ලැබූ 
අවධියේ වතු පාලකයින් හා බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ මෙරට සේවය කළ 
ඉහල නිලධාරීන් විසින් මෝටර් වාහන ප්‍රථම වරට මෙරටට ගෙන එන 
ලදී. ඒවා ධාවනය කිරීම සඳහා වතු අධිකාරී වරුන් හා වෙනත් ඉහල 
නිලධාරීන් විසින් හැකියාවන් පරීක්‍ෂා කර බලා රියදුරන් යොදවා 
ඇත.
ප්‍රථම වරට ශ්‍රී ලාංකිකයකු විසින්  මෝටර් රථයක් මෙරටට 
ආනනය කරන ලද්දේ 1902 වර්ෂයේදීය. ඊ.එල්.එෆ්. ද සොයිසා විසි
න් ඕල්ඩ්ස්මොබයිල් (OLDSMOBILE) වර්ගයේ එම මෝටර් රථය 
ගෙන්වන ලදී. 


මෙසේ ක්‍රමයෙන් ලංකාවේ මෝටර් රථ ප්‍රමාණය ඉහලයත්ම ඒවා 
ලියාපදිංචි කිරීමේත්, රියදුරු බලපත් නිකුත් කිරීමේත් අවශ්‍යතාවය 
ඇතිවිය. මේ අනුව බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් 1916 අංක 14 දරන පනත 
මඟින් පොලිස්පති යටතේ වාහන ලියාපදිංචි කිරීම හා රියදුරු බලපත් 
නිකුත් කිරීම ආරම්භ කරන ලදී.
අනුක්‍රමයෙන් ඉහල ගිය මෝටර් රථ 
ගමනාගමනය පිළිබඳව සොයා බැලීමට වර්ෂ 1925 දී රජය විසින් 
කමිටුවක් පත් කළ අතර මෙම කමිටුවේ නිර්දේශ අනුව 1927 අංක 20 
දරණ මෝටර් කාර් ආඥා පනත නීතිගත කරන ලදී. 
මෙම පනත යටතේ, 
1928 ජනවාරි 01 දින මෝටර් රථ රෙජිස්ට්‍රාර් වරයකු යටතේ මෝටර් 
රථ රෙජිස්ට්‍රාර් කාර්යාලය ආරම්භ විය. මෙම කාර්යාලයේ කටයුතු 
වූයේ; මෝටර් රථ හා රියදුරන් ලියාපදිංචි කිරීම හා වාර්ෂික ආදායම් 
බලපත්‍රය නිකුත් කිරීමට පෙර කුලී කාර් සහ ලොරි පරීක්‍ෂා කිරීමයි. 

අලුත්ම තොරතුරු




**රියදුරු බලපත්‍රය ලබාගැනීමේ ලිඛිත පරීක්ශණය සඳහා ලබාදෙන 

ප්‍රශ්න පත්‍ර  සංශෝධනය කර, නව ප්‍රශ්න සහිත ප්‍රශ්න පත්‍ර , මෝටර් රථ 

ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.





**විදුලි බලයෙන් සහ විදුලි බලය සමඟ පෙට්‍රල් හෝ ඩීසල් වලින්

 ධාවනය කරන වාහන (Electrical and Hybrid Vehicle)සඳහා 

වාර්ෂික ආදායම් බලපත්‍රය නිකුත් කිරීමේදී වායු විමෝචන සහතිකය 

ලබා ගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කර ඇත.

නව වාහන අංක ක‍්‍රමයක්, අවශ්‍ය නම් අයිතිකරුගේ නමත් වාහනයේ අංකයට






ලබන ජූලි මාසයේදී නව වාහන අංක ක‍්‍රමයක් හඳුන්වාදී තමන් කැමැති නමක කොටසක්ද අංක තහඩුවට එක් කර ගැනීමේ අවස්ථාවක් සලසා දීමට මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව සැරසෙයි.

වාර්තා වන අන්දමට තමන් කැමැති නමක් හා අංකයක් ද සහිත අංක තහඩුවක් නිකුත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 10 ක මුදලක් අය කෙරෙනු ඇත.

මෙම නම් කොටස එක් කරන්නේ ඉංග‍්‍රීසි අක්ෂර තුනකින් හා ඉලක්කම් හතරකින් සමන්විත වන නව ලියාපදිංචි අංකයට අමතරව බවද මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග පවසයි.

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරයකු පැවසුවේ මේ වනවිට ත‍්‍රිරෝද රථ AAE අංක තහඩු ඔස්සේ ද, යතුරු පැදි AAB අංක තහඩු ඔස්සේ ද, මෝටර් රථ AAC අංක තහඩු ඔස්සේ ද නිකුත් කෙරෙන අතර රුපියල් 50,000 ක මුදලකට තමන් කැමති අංක තහඩුවක් ලබා ගැනීමේ අවස්ථාව පවතින බවය. තවද එම අංකය ඉදිරියට යන පිළිවෙළට රුපියල් දස දහස බැගින් එම රුපියල් පනස්දහසට එක්වන බවද හෙතෙම පැවසීය.
ජූලි මසදී හඳුන්වා දෙන නව අංක තහඩු පෙළ යටතේ වාහන ලක්ෂ 64 ක් පමණ ලියාපදිංචි කිරීමට හැකි වෙතැයි කියැවේ.

Friday, May 3, 2013

කාර්මික දැනුම ප්‍රශ්න - 01



මේ.,රියදුරු බලපත්‍ර ලිඛිත පරීක්ෂණය සඳහා අනුමාන කෙරෙන කාර්මික දැනුම ප්‍රශ්න මාලාවකි.

එන්ජිම
Q.එන්ජිමට තෙල් (එන්ජින් ඔයිල්) යෙදීමට හේතුව :- 
එන්ජිමේ කොටස් අතර ඝර්ෂනය  අඩුකර කොටස් ගෙවීයාම,         රත්වීම අවම කිරීමට.

Q.එන්ජිමේ තෙල් මට්ටම පරීක්ෂා කරන්නේ කුමක් මගින්ද?
ඩීප් ස්ටික් මගිනි.

Q.එන්ජිමේ තෙල් මට්ටම අඩුවීමට හේතුව :-
තෙල් කාන්දුවක් පැවතීම හෝ අනවශ්‍ය පරිදි තෙල් පිච්චීම

Q.වාහනයට ඉන්ධන පිරවීමේදී :- ඉන්ජිම නවතා තැබිය යුතුය.

Q.ඉන්ජිම අනවශ්‍ය පරිදි රත්වන්නේ :- ෆෑන් බෙල්ට් එක බුරුල් වීමෙන්, රේඩියේටරයේ වතුර නොමැති වීමෙන් හෝ වතුර කාන්දුවක් පැවතීමෙන් 

Q.එන්ජිම රත්වී ඇති බව දැනගන්නේ :- ඉන්ඩිකේටර් බල්බය මගින්./ රේඩියේටරේ වතුර උණු වීමෙන්

Q.රේඩියේටරය බොයිල් කරන විට:- වාහනය නතරකර (ඉන්ජිම නවතා) රේඩියේටරයේ වතුර සිසිල් වීමට ඉඩ හරින්න. ඉන්පසු වතුර පුරවන්න.

ඔබ දන්නවාද?




මාර්ගයේ ගමන් කරමින් පවතින වාහනයක් නතර කිරීමට නීතිමය බළතල ඇත්තේ, පොලීසියට පමණි.
හමුදාවට වත් එම අවසරය නැත.

මාර්ගයේ ඇති හමුදා මුරපොලවල සෑම විටම පොලිස් නිලධාරියෙක් සිටින්නේ ඒ නිසායි.

අයියෝ සල්ලි..!!!


වාහන පන්ති / Vehicle Classes




විස්තරයඅලුත් පන්තියවෙනත් පන්ති සඳහා වලංගුභාවයරූපමය සංකේතයපැරණි පන්තිය
එන්ජින් ධාරිතාව සී. සී. 100 නොඉක්මවන සැහැල්ලු මෝටර් සයිකල්
ඒ1ජි11ඩි
එන්ජින් ධාරිතාව සී. සී. 100 ඉක්මවන මෝටර් සයිකල්ඒ1, ජි12ඩි
මෝටර් ට්‍රයිසිකල් හෝ මෝටර් ට්‍රයිසිකල් වෑන්:
තාර බර කි.ග්‍රෑ. 500 නොඉක්මවන්නාවූ ද, වාහනයේ දළ බර කි.ග්‍රෑ. 1000 නොඉක්මවන්නාවූ ද, මෝටර් ට්‍රයිසිකලයක් හෝ මෝටර් ට්‍රයිසිකල් වෑන්
බි 1ජි13ඉ, එෆ්
රියදුරු අසුනද ඇතුළුව ආසන සංඛ්‍යාව නවයකට වැඩි නොවන්නා වූ සියළු මෝටර් කාර් රථ/ වාහනයේ දළ බර කි.ග්‍රෑ. 3500 නොඉක්මවන්නාවූ සහ ආසන සංඛ්‍යාව රියදුරු අසුනද ඇතුළුව ආසන 9කට ව‍ැඩි නොවන්නාවූද ද්විත්ව කාර්ය වාහන; එම වාහන වලට, අවසර දෙන ලද උපරිම බර කි.ග්‍රෑ. 750 වැඩි නොවන ට්‍රේලරයක්ද අමුණා තිබිය හැකිය; මෙම පන්තියේ මෝටර් වාහනවලට වෙනස් හැකියාවන් ඇති පුද්ගලයන් විසින් පදවනු ලබන මෝටර් රථයක් ද ඇතුලත් විය හැකියබිජි14සි, සි1
සැහැල්ලු මෝටර් ලො‍රි: වාහනයේ දල බර කි.ග්‍රෑ. 3500 ට අඩු නොවන සහ කි.ග්‍රෑ. 17000 ට වැඩි නොවන මෝටර් ලොරි: මෙම පන්තියට අයත් මෝටර් වාහනවලට තාර බර කි.ග්‍රෑ. 750 නොඉක්මවන්නාවූ ට්‍රේලරයක් ද අමුණා තිබිය හැකිය.
සි1බි , ජි15බි1
මෝටර් ලොරි - වාහනයේ දල බර කි.ග්‍රෑ. 17000ට වැඩි මෝටර් ලොරිය; තාර බර කි.ග්‍රෑ. 750 ට වැඩි නොවන ට්‍රේලරයක්ද අමුණා තිබිය හැකිය.
සිසි1, බි , ජේ, ජි, ජි16බි
මෝටර් ලොරියක් හා තාර බර කි.ග්‍රෑ. 750 ඉක්මවන්නාවූ හා දල බර කි.ග්‍රෑ. 3500 නොඉක්මවන්නා වූ ට්‍රේලරයක් හෝ ට්‍රේලර් අමුණා සකස් කරන ලද ඒකාබද්ධ රථයක් හෝ ඈඳූ රථයක්
සිඉසි, සි1, බි , බි 1, ජි, ජි1,ජේ7බි
සැහැල්ලු මෝටර් කෝච්:
රියදුරු අසුනට අමතරව ආසන 9 ට වඩා වැඩි වූද, ආසන 33 ට වඩා අඩු වූද, පුද්ගලයන් රැගෙන යාම සඳහා භාවිතා කරනු ලබන මෝටර් වාහන: මෙම පන්තියේ මෝටර් වාහන වලට පැටවිය හැකි උපරිම බර කි.ග්‍රෑ. 750 නොඉක්මවන්නාවූ ට්‍රේලරයක්ද අමුණා තිබිය හැකිය.
ඩි1සි1, බි , බි1, ජි, ජි1ඒ1
මෝටර් කෝච්: රියදුරු අසුනට අමතරව ආසන 33 ට වඩා ඇති මෝටර් කෝච් රථ; පැටවිය හැකි උපරිම බර කි.ග්‍රෑ. 750 නොඉක්මවන ට්‍රේලරයක්ද අමුණා තිබිය හැකිය
ඩිඩි1, සි, සි1, බි, බි1, ජි, ජි1,ජේ9
බර මෝටර් කෝච්: රියදුරු අසුනට අමතරව ආසන 33 ට වඩා වැඩි ප්‍රමාණයක් ඇත්තාවූද, මෝටර් කෝච් රථයක් සහ උපරිම බර කි.ග්‍රෑ. 750 ට වැඩි වන්නාවූ ට්‍රේලරයක් හෝ මෝටර් කෝච් රථ දෙකක ඒකාබද්ධ කිරීමක්
ඩිඉඩි, ඩි1, සි, සි1, සිඉ, බි, බි1, ජි, ජි1,ජේ10__
ට්‍රේලරයක් සහිත රෝද දෙකේ අත් ට්‍රැක්ටර්
ජි1නිල්11ජි1
ට්‍රේලරයක් සහිත හෝ රහිත කෘෂිකාර්මික ඉඩම් වාහන
ජිජි112ජි
විශේෂ කාර්ය වාහන: ඉදිකිරීම්, පැටවීම් ආදිය සඳහා භාවිතා කරනු ලබන වාණිජ වාහන. පැටවීමේ බෑමේ
ජේජි113__

රියදුරු බලපත්‍රයේ පිටපතක් ලබාගැනීම.



ඔබේ රියදුරු බලපත්‍රය නැතිවී ඇත්නම් හෝ විකෘති වී ඇත්නම් ඒ වෙනුවට එහි පිටපතක් ලබාගත හැකිය.






මේ සඳහා ඔබේ රියදුරු බලපත්‍රයේ අංකය අත්‍යාවශ්‍ය වේ. 
එම අංකය ඔබ සතුව නැතිනම් රියදුරු බලපත්‍රයේ පිටපතක් ලබාගැනීමට හැකියාවක් නැත.
එවිට ඔබට අලුතෙන්ම රියදුරු බලපත්‍රයක් ලබාගැනීමට සිදුවනු ඇත.

රියදුරු බලපත්‍රයේ පිටපතක් ලබාගැනීමට පහත ලිපි ලේඛන අවශ්‍ය වේ.

(i) M.T.A  42 දරණ අයදුම් පත්‍රය.
(ii)පොලිස් පැමිණිල්ලේ පිටපතක්.
(iii)අඟල් 2,  2 .5 (රියදුරු බලපත්‍ර ප්‍රමාණයේ) උඩුකය ඡායාරූප තුනක්.
(iv)රජයට මුදල් ගෙවූ මුදල් කුවිතාන්සිය.



රියදුරු බලපත්‍රය අලුත් කිරීම.

බරවාහන රියදුරු බලපත්‍රය සෑම අවුරුදු 4 කට වරක් ද,
 සැහැල්ලු වාහන බලපත්‍රය සෑම අවුරුදු 8 කට වරක්ද , 
අදාල වෛද්‍ය සහතික ඉදිරිපත් කිරීමෙන් අලුත් කරගත හැක. 

[සැහැල්ලු වාහන සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි 

වෛද්‍යවරයෙකුගෙන් එම්.‍ටී.ඒ. 31 ඒ ආකෘතියේ මාස 6 කට නොවැඩි 

කාලයකදී ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය

බර වාහන  සඳහා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයයෙන් මාස 6 කට

 නොවැඩි කාලයකදී ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය ]


මෙහිදී නැවත ප්‍රායෝගික හෝ ලිඛිත පරීක්ෂණ සඳහා මුහුණදීමට අවශ්‍ය නොවේ.

නව රියදුරු බලපත්‍රයක් ලබාගැනීම


නව ස්මාර්ට් කාඩ් රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා උපදෙස්.මෙම
 රියදුරු බලපත්‍රය ක්‍රම දෙකකට නිකුත්කෙරේ.

*පළමු ක්‍රමය - වේරහැර බලපත්‍ර නිකුත් කරන ප්‍රධාන කර්යාලයේදී හා 
කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයේදී මාර්ගගත (ONLINE) ක්‍රමය.

*දෙවන ක්‍රමය - අනෙකුත් දිස්ත්‍රික් කාර්යාල වලදී මාර්ග අපගත 
(OFFLINE) ක්‍රමය

පොදු අවශ්‍යතා
01.අඳුම්කරු පෞද්ගලිකවම පැමිණිය යුතුය.
02.ජාතික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පතේ අංකය සහිත වලංගු 
     විදේශ ගමන් බලපත්‍රය රැගෙන ආ යුතුය.

Wednesday, May 1, 2013

මාර්ග සංඥා -02




අනතුරු ඇඟවීමේ සංඥා.
මෙම සංඥා  34ක් පමණ දැනට ශ්‍රී ලංකාව තුළ බාවිතා කරනු ලැබේ.



01. වමට වංගුව ඉදිරියෙනි.

       


02. දකුණට වංගුව ඉදිරියෙනි.



03. වමට ද්විත්ව වංගුව ඉදිරියෙනි.



04. දකුණට ද්විත්ව වංගුව ඉදිරියෙනි.


05.වමට වැලමිට වංගුව ඉදිරියෙනි.

මාර්ග සංඥා







නොදන්න දෙයක් නෙමෙයි නේද?  පාරෙ යන හැම වෙලාවෙම වංගුවෙන් වංගුවට ඉන්දලා තියෙන කහ ,නිල් , හත‍රැස් , රවුම් බෝඩ් කෑලි තමයි ඔය.

ඇත්තටම අපි ගණන් නොගත්තට මේ බෝඩ් කෑලි වලින් මාර්ග ආරක්ෂාව වෙනුවෙන් ඉ‍ටුවෙන මෙහෙය අනන්තයි, අප්‍රමාණයි.

පොඩ්ඩක් හිතන්න , ඔබ කවදාවත්ම නොගිය නොදන්නා මාර්ගයක මහා රාත්‍රියේ තනිවම  වාහනය පදවනවා කියලා. කෑලි කපන්න බැරි ඝන අඳුරේ මාර්ගයේ ඊළඟට තියෙන්නේ වමට වංගුවක්ද, දකුණට වංගුවක්ද , නැත්නම් පල්ළමක්ද කන්දක්ද කියන එක අපිට කිසිම අමතර වියදමක් නැතුව බොහොම පැහැදිලිව පෙන්වලා දෙන්නේ මේ අහිංසක බෝඩ් කෑලි නේද?
එහෙව් ඒවා තමයි අපේ සමහරු මරණ දැන්වීම් , ඡන්ද  දැන්වීම් අලවලා විනාශ කරළා දාන්නේ.